Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොලොන්නාවේ ඛණිජ තෙල් නළ මත ඉදිකළ නිවාස ඉවත් කර ආරක්ෂිත නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි වසම්වල ස්ථානගතව පවතින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන නළ පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත්කර එම ජනතාවට ආරක්ෂිත නිවාස ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා .

මීතොටමුල්ල, දහම්පුර සහ කුරුණියාවත්ත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ ව්‍යාපෘතිය පිළිබද අධ්‍යනය කිරීමටත් ඛණිජ තෙල් සංස්ථා තෙල් නල මත ඉදිකර ඇති නිවාස හා ඉදිකිරීම් පිළිබද සොයා බැලීමටත් කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක් වී ඇති බවට වාර්තාවෙනවා.

කුරුණියාවත්ත සහ දහම්පුර ග්‍රාම නිලධාරි වසම්වල නිවාස 80 ක් අමාත්‍යවරයා ඇතුළු ඒකාබද්ධ නිලධාරි කණ්ඩායමේ පරීක්ෂාවන්ට ලක් කර තිබෙනවා .

එහිදී අවදානම් සහ අනාරක්ෂිත ලෙස හඳුනාගත් නිවාස 37 ක් ඉවත් කිරීම සුදුසු බව යෝජනා වූ අතර, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම ඉවත් කිරීම් සිදු කිරීමට නියමිතයි .

මෙම ඉවත්කරන නිවාස හිමියන්ට හේනමුල්ල, ‘හෙලමුතු සෙවණ’ නිවාස සංකීර්ණයෙන් නව නිවාස ඒකක ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.