ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයේ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික සහ ආරක්ෂිත සත්ව හා ශාක විශේෂ නීති විරෝධී ලෙස රැස් කරමින් ජාන සොරකමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකුට අද (23) කලවාන මහේස්ත්‍රාත් ඩී. එම්. යසස් ස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක විසින් රුපියල් මිලියන 76.4ක (රු. 76,400,000) දඩ මුදලක් නියම කර තිබෙනවා.
නඩු අංක 31799/2026 යටතේ කැඳවූ මෙම නඩුවේදී චූ දිනයන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 143කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්රාන්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළා.
එක් චූදිතයෙකුට රු. 19,100,000 බැගින් චූදිතයන් සිව්දෙනාට රු. 76,400,000ක දඩයක් නියම කළ අතර, දඩ මුදල් නොගෙවන්නේ නම් එක් අයෙකුට වසර 125 කුත් මාස 6ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
අද දින පළමු චූ දින සිය දඩ මුදල සම්පුර්ණයෙන් ගෙවා නිදහස් වී තිබෙන අතර, සියලු නඩු භාණ්ඩ රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඒ අතර, සැකකරුවන් පැමිණි MG ZS වර්ගයේ මෝටර් රථය පිළිබඳ විමසීම 2027 ජනවාරි 18 වැනිදාට කල් තැබීමට ද නියෝග කර තිබෙනවා










