Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මත වෙයි

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන රහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය වන අද (23) දින , අය වැය යෝජනා විවාදය අතරම එම පනත සම්මතවී තිබෙනවා.

ඒ වගේම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයත් අද පාර්ලිමේන්තුවේදී සම්මතවුණා.

අද (23) දින විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මතවූ බවට වාර්තාවෙනවා.

එයට අමතරව, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පස්වරු 6.00 සිට 6.30 දක්වා පැවත්වූ අතර, එම පනත් කෙටුම්පතද ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතවු බවත් නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්