Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත් සම්බන්ධයෙන් දැනුම්දීමක්

2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන්ට පාවහන් ලබාදීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026.11.03 දින සිට 2026.12.20 දින දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

එමෙන්ම එලෙස ලබාදෙන වවුචර්පත් 2026.11.10 දින සිට 2026.12.20 දින දක්වා කාලය තුළ ඩිජිටල් ආකෘතියකට පරිවර්තනය කිරීමට කටයුතු කරන බවයි දැනුම් දෙන්නේ.

මේ අතර මෙම පාවහන් ලබාගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත් 04 හි පාසල් සිසුන් සඳහා විවෘත වෙළඳපොළ තුළින් පාවහන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් 05 හි පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම ගොස් පාවහන් ලබාදීමට නියමිතයි.