හම්බෙගමුව ලගින ගල ප්රදේශයේ වෙල්යායක් තුළ අනවසරෙන් දමන ලද විදුලි රැහැනකට හසු වී විසි තුන් හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා විවාහක පුද්ගලයෙකු වන අතර කොටවෙහෙර මංකඩ, ගල්හිරා මංකඩ පදිංචිකරුවෙක් බවට තොරතුරු වාර්තාවෙනවා.
අනවසර විදුලි රැහැනේ මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ වෙල්යායක් වන අතර ඌරන් පැමිණෙන නිසා වගා හානි කිරීම අවම කර ගැනීමට එම විදුලි රැහැන ඇද ඇති බවට ප්රදේශවාසීන් පවසනවා.
අදාල ඉඩමේ හිමිකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.










