ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා – ජනපති

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 38කට පසුව වීමද විශේෂත්වයක්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර, ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන්දියාව විසින් ලබා දෙන ලද සහාය ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළා.

ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින් බවත්, ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වෙමින් බවත් පැවසුවා.

ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය මෙහිදී ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වුණා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දීය හමුදාව ලබාදුන් දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි ධාරිතා සංවර්ධනය මෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අද හුවමාරු කර ගන්නා ලද නව ගිවිසුම් ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කළා.

“අසල්වැසියා පළමුව” යන විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ගනු ලබු පියවර ඇගයීමට ලක් කළා.

ධීවර ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකා ධීවරයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවත් මෙම ගැටලුව විසඳා ගැනීමට දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා.

අනතුරුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමද ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්‍රිත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන අය විසින් මෙහිදී හුවමාරු කර ගත්තා.

මේ අතර, ඉන්දියානු රජයේ ප්‍රදානයකට අනුව කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කරන ලද බේලි පාලම් 03ක් විවෘත කිරීම සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වුණා.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද පුනරුත්ථාපන ආධාර වැඩසටහනේ කොටසක් ලෙස පන්සීයගම – කුරුණෑගල, කැබැල්ලෑව – කුරුණෑගල සහ පලුගමම් – මඩකලපුව යන මාර්ගවල ඉදිකෙරුණු බේලි පාලම් මෙලෙස ජනතා අයිතියට පැවරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37