කෝටි පහකට වැඩි මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරික කතුන් දෙදෙනා ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂ විසිදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙක් අද (09) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ – දෙමටගොඩ සහ තොටළග යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 33 සහ 35 යන වයස් වල පසුවන ව්‍යාපාරික කතුන් දෙදෙනෙක්.

මොවුන් අද (09) පෙරවරු 10.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ වායු කාන්දු නොවන සේ අසුරා සකස් කළ පාර්සල් 05ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 372ක ප්‍රමාණය සඟවා ගෙන රැගෙන විත් තිබුණා.

අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාවන් දෙදෙනා අද (09) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18