පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතරතුර ඊයේ (22) ඇතැම් පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
කෙසේ වෙතත් යම් සිසුවෙකුට හානියක් සිදුවී ඇත්නම් ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා,
“යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂණ කරනවා. මධ්‍යස්ථාන 3ක මේ චෝදනාව ආවා. ගාල්ල නාගොඩ රාජකීය මහ විද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, යූ. බී වන්නිනායක විද්‍යාලය. ලැබුණු ඇමතුම් ගැනත් අපි විමර්ශනය කරනවා. ඒත් වෙලාව ප්‍රශ්නයක්.”
“ප්‍රධාන වශයෙන් ආපු චෝදනාව තමයි ප්‍රශ්න පත්‍රය වෙලාවට දුන්නේ නෑ. වෙලාව අඩු වුණා නම් කාලය දීර්ඝ කළේ නෑ කියලා.”
“හානියක් වෙලා තියෙනවා නම් සාධාරණයක් කරනවා. පරීක්ෂණ 3ක් කෙරෙනවා. උත්තර පත්‍ර අපිට ඇවිල්ලා තියෙනවා. අද උදේ මම උපදෙස් දුන්නා ඒ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර වෙන් කරන්න කියලා.”




