බිත්තර සෝදා ගබඩාකරන්න එපා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසනවා.

“බිත්තර කටුව කියන එක සම්පූර්ණයෙන්ම මුද්‍රා වෙච්ච් ආවරණයක් නෙමෙයි. එය ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුලේ කවුරුත් දන්නවා ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ප්‍රෝටීන් බහුල මාධ්‍යට ක්ෂුද්‍ර ජීවීන් වැටුණ ගමන්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බිත්තර සේදුවාට පසු කාලයක් ගබඩාකර තබාගන්න බෑ.”

කෙසේ වෙතත් බිත්තර පාවිච්චි කරන අවස්ථාවේ සෝදා පාවිච්චි කිරීමේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එම සතුන්ගේ මළපහ අපද්‍රව්‍ය ගෑවුණු බිත්තර කිසිම අවස්ථාවක වෙළඳපොළේ අලෙවි කිරීමට අවස්ථාව නොදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තරය රතු සහ සුදු ලෙස කිසිඳු වෙනසක් නොමැති බවත්, එම බිත්තර වර්ග දෙකේම තිබෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය එක සමාන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
60
+1
9
+1
41
+1
17
+1
13
+1
6
+1
3
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?