බිත්තර සෝදා ගබඩාකරන්න එපා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසනවා.

“බිත්තර කටුව කියන එක සම්පූර්ණයෙන්ම මුද්‍රා වෙච්ච් ආවරණයක් නෙමෙයි. එය ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුලේ කවුරුත් දන්නවා ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ප්‍රෝටීන් බහුල මාධ්‍යට ක්ෂුද්‍ර ජීවීන් වැටුණ ගමන්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බිත්තර සේදුවාට පසු කාලයක් ගබඩාකර තබාගන්න බෑ.”

කෙසේ වෙතත් බිත්තර පාවිච්චි කරන අවස්ථාවේ සෝදා පාවිච්චි කිරීමේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර එම සතුන්ගේ මළපහ අපද්‍රව්‍ය ගෑවුණු බිත්තර කිසිම අවස්ථාවක වෙළඳපොළේ අලෙවි කිරීමට අවස්ථාව නොදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තරය රතු සහ සුදු ලෙස කිසිඳු වෙනසක් නොමැති බවත්, එම බිත්තර වර්ග දෙකේම තිබෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය එක සමාන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ පවසා සිටියේ.

  1. මේ නීති තියෙන්නෙ පොතට පමණයි….කුකුල් අශුචි වලින් අපවිත්‍ර වූ බිත්තර වෙළඳපොලේ අලෙවියට තබා තියෙනවා ඕනෑතරම් ………!! 🤔🤔

      • සෑම කෙනෙකුටම, බිත්තර වල විෂබීජ හරණය දැන සිටීම, රොගනිවාරණයට හෙතූවනවා නොවෙද?

    • සැල්මුනෙල්ලා රෝගය මිනිස්සුන්ටත් වැළඳිය හැකී සහ බිත්තර දෙකේ පෝෂනය අති වෙනසක් නොමැතු උනත් නිෂ්පාදන වියදම සහ කල්තබා ගැනීම ශක්තිමත් භාවය අතින්ද නියමිත මාර්ගෝප දේශකයක් තුල නිෂ්පාදන දාර්තාවය සහ කරි චිකන් වල කොටටියෙන් බැලුවම දුබුරු බිත්තර කිකිලියන් ඉහල ප්‍ර්තිශතයකින් ඉදිරියෙන් ඉන්නවා ලෙඩ රෝග දරාගැනීමද මෙයට අයත් සුදු සතුන් ගේ ඊට ශාපේක්ෂව 10% ක ප්‍ර්තිශතයකින් පමන පහලින් ප්‍රායෝගික අත්දැකීම මත මා අදහස දක්වා ඇත.

      • ලියලා ඉවර උනාට පස්සේ දැක්කේ වචන ටිකක් වැරදී පෝෂනය අතින්ද සහ කොලටිය යනුවෙන් නිවැරදි විය යුත්‍යි

    • මලපහ ගෑවිච්ච බිත්තරේ විකුණන්න දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒක අනිවාර්යෙන්ම හෝදලා විකුණනවා. එතකොට කලින් කියපු විසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.

      කූඨ ව්‍යාපාරිකයො තමන්ට අවාසියක් වෙන වැඩක් කිසි වෙලාවක සිද්ධ කරන්නේ නෑනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18