රාජ්‍ය සේවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකයෙන් හා පක්ෂපාති භාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් ඒ තුළින් දූෂණය හා අකාර්යක්ෂමතාවයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මග පෑදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අදාළ නඩුවේ දී අසත්‍ය සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේයි මේ බව සඳහන් කර ඇත්තේ.

තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව සිය වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ගත් තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසිනුයි ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

පෙත්සම්කාර පොලිස් පරීක්ෂකවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල් මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.

පෙත්සම්කරුට නීතියෙන් හිමි විය යුතු සියලූ වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල අතීතයට බලපාන පරිදි ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා කළ නියෝගය සඳහන්.

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාටය වන” ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෛයිරාජා මහතා මෙම සිද්ධියේදී වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ ස්වභාවික යුක්ති ධර්මය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවටත් දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිටියා.

රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකයෙන් හා පක්ෂපාති භාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් ඒ තුළින් දූෂණය හා අකාර්යක්ෂමතාවයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මග පෑදෙන බවත් විනිසුරු තුරෛරාජා මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ජගත් බාලපටබැඳි ඇතුළු එම කොමිසමේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

මෙහිදී පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34