නැගෙනහිර පන්ජාබයේ සරසවි සිසුවියක් දූෂණය වෙයි ? – ප්‍රාන්තයම නොසන්සුන්

පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියක් දූෂණයට ලක් කිරීමත් සමග එරට සරසවි සිසුන් විශාල ගණනක් වීදිවල දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

රොයිටර් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොමැති වුව ද; ස්ත්‍රී දූෂණයකට එරෙහිව සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර ඇති බවත්; එම ප්‍රාන්තයේ පාසලක් ගිනිබත් කර ඇති බවයි.

ලාහෝර් නගරයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකව ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාව එහි ආරක්ෂක නිලධාරියෙකුට එල්ල වී තිබෙනවා.

සරසවි සිසුන් චෝදනා කරන්නේ වහාම රජය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම සිදුවීමත් සමග පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් හි සියලුම පාසල්, විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත සිසුන් සිය ගණනක් රජයෙන් මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් නිලධාරීන් පවසන්නේ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් තවමත් සොයාගෙන නොමැති බවයි.

සමහරු එම සිදුවීම ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත ද චෝදනා කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ.

දින හතරක සිට දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් ගැටීමෙන් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවට ද වාර්තා වනවා.

මෙම ශිෂ්‍ය විරෝධතා සරසවි ගණනාවක පැතිර ගොස් ඇති බවත් ඇතැම් ශිෂ්‍යයින් පොලිස් අත්අඩංගුවට ද පත් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03