ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් මෝල් හිමියන් අතර අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
අද (22) පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි වාර්තා වුණේ.
මේ වනවිට වෙළඳපොළේ නඩු සහල්වල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් නඩු සහල් කිලෝවක මිල රුපියල් 230ත් 240ත් අතර අගයක් ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් නඩු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස දක්වා ඇත්තේ රුපියක් 220ක මිලකටයි.














සෑම රජයක් යටතේ ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් කූඨ ආකාරයට සහල් සඟවමින් අධික ලාභ උපයා ගත්තා පමණක් නොව, අහිංසක ජනතාවට බත් පත අහිමි කළා.
මේ රජයේ වැඩපිළිවෙළ එසේ නොවනු ඇතැයි අපි බලා සිටිමු