මවගේ මළ සිරුර නිවසේ තියාගෙන පුතා මාස තුනක් ජීවත් වෙලා

මිය ගිය මවගේ මළ සිරුරත් සමඟ මාස තුනක පමණ කාලයක් ජීවත් වූ පුද්ගයෙක් පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහාටි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී දිරාපත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් පසුගිය ඉරිදා සොයා ගැනීමත් සමඟ මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක කාන්තාවක් වන අතර, ඇයගේ පුත්‍රයා විසින් සිය මවගේ මෘත ශරීරය මාස තුනක පමණ කාලයක් නිවස තුළ තබාගෙන ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ පුත්‍රයා මානසික රෝගයකින් පෙළෙන බවයි අසල්වාසීන් පොලිසියට පවසා ඇත්තේ.

මළ සිරුර සොයාගැනීමත් සමඟ අදාළ පුත්‍රයා ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් රඳවාගෙන ඇති අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සහ පොලිස් කණ්ඩායමක් නිවස පරීක්ෂා කර තිබෙනවා.

සොයාගත් මළ සිරුරේ අස්ථි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06