මුහුදෙන් ගසා ආ බීඩිකොළ තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව ඔක්තෝබර් මස 10 වන දින සිට 20 වන දින දක්වා පුත්තලම සිට සිලාවතුර දක්වා වයඹ මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1066කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා බරණ යන ආයතන විසින් අදාළ මෙහෙයුම් සිදු කරන ලද්දේ; පුත්තලම මාම්පුරි වෙරළ ප්‍රදේශය, සිලාවතුර, කල්ආරු, අරිප්පු සහ කොක්කුපඩයාන් වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි බවයි.

නාවික හමුදා භාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14