මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ සුරාබදු ලොක්කන් තිදෙනෙකුට වැඩ වරදියි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළා.

ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇති බව තීන්දුවෙන් චෝදනා කර තිබුණා.

අදාළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් සිව්දෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව අදාළ වැටලීමට සහභාගී වූ බොරැල්ල සුරාබදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරාබදු නියාමක එන්.එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

ඒ, අනුව එම නිලධාරීන් තිදෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින්, සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුමට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන්.

අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වෙයි.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් දසදහස බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ලේඛකාධිකාරීවරයාට නියෝග කර සිටියා.

ඊට අමතරව වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30