බුම්රා හදිසියේම මුම්බායි වෙත – හෙට තරගයත් අහිමි වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ආසියානු කුසලාන තරගාවලියේ නේපාලයට එරෙහිව හෙට (04) තරගයට ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත බුම්රා මේ වනවිට මුම්බායි වෙත ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව නේපාලනය සමඟ තරගයේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා හෝ මොහොමඩ් ෂාමිගෙන් කෙනෙකු ඉන්දීය කණ්ඩායමට කැඳවනු ඇති.

කෙසේ වෙතත් බුම්රා ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව මුහුණ දෙන ඉදිරි තරග සඳහා යළි කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බුම්රා පාකිස්තානයට එරෙහි ඊයේ පැවති තරගය දී ක්‍රීඩා කළ අතර පාකිස්තානයේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඔහුට එක පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන නේපාලයට එරෙහි තරගය හෙට (04) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඉන්දීය කණ්ඩායම නිතරගයෙන්ම සුපිරි 04 වටයට සුදුසුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16