spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුම්රා හදිසියේම මුම්බායි වෙත – හෙට තරගයත් අහිමි වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ආසියානු කුසලාන තරගාවලියේ නේපාලයට එරෙහිව හෙට (04) තරගයට ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත බුම්රා මේ වනවිට මුම්බායි වෙත ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව නේපාලනය සමඟ තරගයේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා හෝ මොහොමඩ් ෂාමිගෙන් කෙනෙකු ඉන්දීය කණ්ඩායමට කැඳවනු ඇති.

කෙසේ වෙතත් බුම්රා ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව මුහුණ දෙන ඉදිරි තරග සඳහා යළි කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බුම්රා පාකිස්තානයට එරෙහි ඊයේ පැවති තරගය දී ක්‍රීඩා කළ අතර පාකිස්තානයේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඔහුට එක පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන නේපාලයට එරෙහි තරගය හෙට (04) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඉන්දීය කණ්ඩායම නිතරගයෙන්ම සුපිරි 04 වටයට සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
4
+1
2
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?