බලපිටිය ප්‍රදේශයේ ජපාන ආයෝජකයන් විසින් ඉදිකරන ලද සංචාරක හෝටලයක් වන හූනාස් රිවර් හෝටලය විවෘත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවුණා.
අශෝක රංවල තමන්ගේ ජපාන සම්බන්ධතා හරහා මෙම ආයෝජකයන් ගෙන්වූ බවට ද වාර්තාවෙනවා.
එහිදී පැමිණ සිටී ආයෝජකයන් හා අමුත්තන් ඉදිරියේ අශෝක රංවල මන්ත්‍රීවරයා ජපාන භාෂාවෙන්ම අමතා කථාවක් ද පැවැත්වුවා.
අද දින මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
ශ්‍රී ලංකාව නම් පුංචි සුන්දර රටත්, ජපානය නම් සුන්දර රටත් දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් බැඳී සිටිනවා. ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්‍ර රටවල් දෙකක්.
නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ඔබ තුළ විශ්වාසය තහවුරු වී තිබීම මම ඉතා අගය කරනවා.
අද අප දෙරට එකිනෙක සම්බන්ධ කරන නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීමට උත්සාහ කරමින් සිටිමු.
මෙම මිත්‍රත්වයේ පාලම අනාගතයේ දෙරටේ මිත්‍රත්වය හා සංවර්ධනය වඩාත් ශ්‍රේෂ්ඨ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි, යනුවෙන් ඔහු ජපාන භාෂාවෙන්ම අදහස් දැක්වු බවට වාර්තාවෙනවා.
මෙම අවස්ථාවට ජපාන ආයෝජකයන්, ජපාන සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියා.
