Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක බලවතුන් රැසක් එක්වන APEC සමුළුවට චීනය සූදානම්

33 වන APEC රාජ්‍ය නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18 සහ 19 යන දෙදින තුළ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.

මෙම සමුළුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව, 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය මේ වන විට තහවුරු කර තිබෙනවා.

මෙහිදී Guangdong පළාතේ සුවිශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, හරිත බලගැන්වීම අවධාරණය කර ඇති අතර, පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය ද දැඩිව ක්‍රියාත්මක කර තිබෙනවා.

එසේම පරිශ්‍ර අලංකරණය, කලාත්මක ප්‍රසංග සහ ආහාර සැපයුම් සේවා ඇතුළු උත්සවයේ විවිධ අංශ, කැපී පෙනෙන සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සමග ඒකාබද්ධ කර තිබෙනවා.

තවද, පිළිගැනීමේ සේවා සහ නගර‍යේ සංචාර ඇතුළු සියලුම අංශ සඳහා කෘත්‍රිම බුද්ධිය වැනි ඩිජිටල් සේවාවන් ඇතුළත් කර ඇති බව ද මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණා.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් Shenzhen නගරයේදී පැවැත්වෙන APEC නායකයන්ගේ 33 වන නිල නොවන රැස්වීමෙහි මෙවර ප්‍රධාන තේමාව වනුයේ ‘පොදු අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’යන්නයි.

එමෙන්ම, 2026 වසරේ එපෙක් කාර්මික හා වාණිජ ප්‍රධානීන්ගේ සමුළුව ද හෙට (17) සහ අනිද්දා (18) යන දෙදින Shenzhen නගරයේදී පැවැත්වෙයි.

ෂී ජින්පිං ද එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කරනවා.