Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වගා ලිඳක් තුළ පුද්ගලයෙක් මියයාමේ සිද්ධියට හොරොව්පොතානේ තිදෙනෙක් අත්අඩංගුවට

හොරොව්පොතාන පොලිස් වසමේ ඉහල කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය සැප්තැම්බර් 24 වන දින පාළු
සිද්ධියක් වාර්තා වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

සිදුකළ විමර්ශනවලදී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15) දින ඉහලකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 17 ක් වන හා සැකකරුවන් අවුරුදු 23 හා 26 වයස්වල පසුවන ඉහලකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

හොරොව්පොතාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.