තරුණයින් දෙදෙනාගේ ආරවුලට මැදි වූ කත පොරෝ පහර කා රෝහලේ

තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් බේරීමට උත්සාහ ගත කාන්තාවක් පොරෝ පහරකින් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු අතර ඊයේ (01) පස්වරුවේ ඇති වූ ආරවුලක දී අදාළ කාන්තාව එය බේරීම සඳහා මැදිහත්ව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇයගේ පුත්‍රයා සමඟ ආරවුල ඇතිකරගත් අනෙක් තරුණයා විසින් කාන්තාවගේ ගෙළ ප්‍රදේශයට පොරවකින් පහර දී පළාගොස් ඇති බව සඳහන්.

එලෙස පළායමින් සිටි තරුණයා ඇදවැටී ගලක හිසවැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වනවිට කළුතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමට ලක් වූ කාන්තාව තෙබුවන, රන්නගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, පහරදීම සිදුකළ තරුණයා ද එම ප්‍රදේශයේ ම පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18