spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයින් දෙදෙනාගේ ආරවුලට මැදි වූ කත පොරෝ පහර කා රෝහලේ

තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් බේරීමට උත්සාහ ගත කාන්තාවක් පොරෝ පහරකින් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු අතර ඊයේ (01) පස්වරුවේ ඇති වූ ආරවුලක දී අදාළ කාන්තාව එය බේරීම සඳහා මැදිහත්ව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇයගේ පුත්‍රයා සමඟ ආරවුල ඇතිකරගත් අනෙක් තරුණයා විසින් කාන්තාවගේ ගෙළ ප්‍රදේශයට පොරවකින් පහර දී පළාගොස් ඇති බව සඳහන්.

එලෙස පළායමින් සිටි තරුණයා ඇදවැටී ගලක හිසවැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වනවිට කළුතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමට ලක් වූ කාන්තාව තෙබුවන, රන්නගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, පහරදීම සිදුකළ තරුණයා ද එම ප්‍රදේශයේ ම පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?