Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙක් ලබන සතියේ ඊශ්‍රායලයට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් ඊයේ (13) පැවති දිශානති වැඩසටහනකින් පසු තවත් ශ්‍රී ලාංකික සේවකයින් 261 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 18 වනදා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතයි.

මෙලෙස ඊශ්‍රායලය බලා පිටත්ව යන කණ්ඩායමෙන් සේවකයින් 158 දෙනෙකු අවන්හල් ආශ්‍රිත රැකියා සඳහා තෝරාගෙන ඇති අතර, ඉතිරි 103 දෙනා හෝටල්, ගෘහ පාලනය, නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශවල රැකියා සඳහා යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව, මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,994 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

තවද, රජයේ සහ පෞද්ගලික බඳවා ගැනීමේ ආයතන හරහා විවිධ අංශවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 14,349 දෙනෙකු සමුච්චිත ලෙස ඊශ්‍රායලයට ගොස් ඇති බව එම කාර්යාංශය සඳහන් කරනවා.