Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු ජනපති රනිල් පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ පක්ෂයේ තරුණ පෙරමුණ සමඟ අද දින සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.

නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහිදී රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට එම කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

එම වැඩපිළිවෙළ ආසන මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම හරහා ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරුවු බවට වාර්තාවෙනවා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කරන අවස්ථාවලදී, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ඇතුළු තරුණ සංවිධානවලට විපක්ෂයේ කාර්යභාරයට දායක විය හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළ බවටත් සඳහන් වෙනවා.