ගුරුපත්වීම් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණයේදී ආබාධ සහිත ප්‍රජාවට අසාධාරණයක් සිදුවේ නම් වහාම දැනුවත් කරන ලෙසත්, ගුරු පුරප්පාඩු අනුව ඉදිරියේදී දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ මැදිහත්වීම මත, දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් සමඟ නොවැම්බර් 13 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අගමැතිණිය මේ බව සඳහන් කර තිබෙනවා.
ජාතික විභාග පැවැත්වීමේදී සහ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.
අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
පැවති ගුරු විභාගයෙන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුකළ බවත්, නමුත් ඒ පළමු අදියර පමණක් යැයිද, පවතින පුරප්පාඩු අනුව නැවත දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදු කරන බවටත්, ගුරුවරුන් බඳවා ගැනීමට සිදුවෙලා තිබෙන්නේ 2022 ගැසට් නිවේදනය අනුව බව්ත අගමැතිණිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ වගේම සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත තැනැත්තන් බඳවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව සම්මුඛ පරීක්ෂකවරුන් දැනුවත් කර තිබෙන බවද, නමුත් යම් හෝ අසාධාරණයක් සිදුවෙනවා නම් ඒ ගැන තමන් දැනුවත් කරන ලෙසද, බඳවා ගැනීම් සිදුකරද්දී විනිවිදභාවයෙන් සහ සාධාරණව සිදුකිරීමට උපරිමයෙන් මැදිහත් වෙන බවටද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
ඒවගේම පාසල් මට්ටමේ ජාතික ඇගයීම් ක්‍රියාවලියේදී ආබාධ සහිත දරුවන්ගේ ඇගයීම් සිදු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් කටයුතු කරමින් තිබෙන බවත්, ඉගෙනුම් උපකාරක උපකරණ ලබාදීම සහ අවශ්‍ය උපකරණ නිර්මාණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වු බවට වාර්තාවෙනවා.
