ලෝක සිනමාවට දැවැන්ත ආගමනයක් බවට මේ වනවිට පත්ව ඇති ‘රාමායණ’ චිත්රපටයේ තිරගත කිරීම් අරඹා 08 වන දිනවන විට බොක්ස් ඔෆිස් ආදායම, ගෝලීය වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 1,000 සීමාව පසුකර ගොස් තිබෙනවා.
ඒ අනුව ගෝලීය වශයෙන් රුපියල් කෝටි 1,000 සීමාව පසු කළ තුන්වන වේගවත්ම ඉන්දීය චිත්රපටය බවට ‘රාමායණ’ චිත්රපටය මේ වනවිට පත්ව ඇති බව සඳහන්.
තිරගත කිරීම ආරම්භ වී අටවන දිනයේදී ගෝලීය වශයෙන් රුපියල් කෝටි 1,033.55ක ආදායමක් උපයා ගනිමින් මෙම සුවිශේෂී ජයග්රහණය සනිටුහන් කිරීමට ‘රාමායණ’ සමත්ව තිබෙනවා.
මෙහිදී ඉන්දියාව තුළ උපයා ඇති මුළු ආදායම රුපියල් කෝටි 675.05ක් වන අතර, ශුද්ධ ආදායම රුපියල් කෝටි 564.60ක්.
මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූ තුන්වන වේගවත්ම ඉන්දීය චිත්රපටය බවට ‘රාමායණ’ පත්වූ අතර, බොක්ස් ඔෆිස් ආදායම ලෙස රුපියල් කෝටි 1,000ක් උපයාගත් ඉන්දීය චිත්රපට ලැයිස්තුවට ‘රාමායණ’ ද එක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, ‘ධුරන්දර් 2’ සහ ‘පුෂ්පා 2’ යන චිත්රපට, තිරගත කිරීම ආරම්භ කර දින 07ක් ඇතුළත ලොව පුරා රුපියල් කෝටි 1,000ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබුණා.
වේගය සැලකීමේදී, ‘රාමායණ’ මෙම ජයග්රහණය දින 08ක් තුළ ලබාගත් අතර, ‘බාහුබාලි 2’ චිත්රපටයට ඒ සඳහා දින 10ත් 11ත් අතර කාලයක් ගත වුණා.
මෙම ලැයිස්තුවට ‘දංගල්’ (Dangal – 2016), ‘ධුරන්දර් 2’ (Dhurandhar 2 – 2026), ‘බාහුබාලි 2’ (Baahubali 2 – 2017), ‘පුෂ්පා 2’ (Pushpa 2 – 2024), ‘ධුරන්දර්’ (Dhurandhar – 2025), ‘RRR’ (2022), ‘KGF Chapter 2’, ‘ජවාන්’ (Jawan – 2023), ‘පතාන්’ (Pathaan – 2023) සහ ‘කල්කි 2898 AD’ (Kalki 2898 AD – 2024) වැනි චිත්රපට ඇතුළත් වනවා.
