කළුතර බෝධි පරිශ්‍රයේ මළසිරුරක්

මෙවර තම විදුලි  බිල්පත ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසීමට කළුතරට පැමිණි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු කළුතර බෝධි පරිශ්‍රයේ පහත මළුව තුළදී හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර පදිංචි 72 හැවිරිදි එක් දරු පියෙක්.

විශ්‍රාමික විදුහල්පතිවරයා පහත මළුව තුළ දී හදිසියේ ඇද වැටීමත් සමගම පොලිස් මුරපොළේ නිලධාරීන් සුවසැරිය ගිලන් රථය එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කළ ද එහි සෞඛ්‍ය සේවකයන් ඔහු පරීක්ෂාකර බලා ප්‍රකාශ කර ඇත්තේ මියගොස් ඇති බවයි.

අනතුරුව මෙලෙස මිය ගියේ කවුරුන්දැයි සනාථ කර ගැනීම සඳහා මියගිය පුද්ගලයා සතුව තිබූ ලේඛන පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදුලි බිල්පතේ තිබූ දුරකථන අංකයට අමතා මේ බව දැනුම් දීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මියගිය විශ්‍රාමික විදුහල්පතිවරයා නිවසින් පිටත් වී කළුතරට පැමිණ ඇත්තේ මෙවර නිවසේ විදුලි බිල්පත ඉහළ යාම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයෙන් විමසන බව පවසමින්.

ඔහු බුදුන් වැදීම සදහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයකු බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පරීක්ෂණ සිදු කර තිබෙනවා.

පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
31
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23