AFC Banner
Empty Ad
Empty Ad

නිවෙසක් තුළ අභිරහස් මරණයක් ( ඡායාරූප )

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී නරක්වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසියෙකු විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පොලිසිය සිරුර සොයා ගන්නා ලද අවස්ථාව වනවිට එම සිරුර අදාළ නිවසේ සාලයේ බාල්කයක එල්ලෙමින් තිබූ බව පොලිසිය වාර්තා කරනවා.

මින් දින කිහිපයකට ඉහතදී එම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය පවසන අතර මළ සිරු සොයා ගන්නා විටත් එම සිරුර බෙහෙවින් නරක්වී දුගද හමන තත්ත්වයක පැවතුන බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අවිවාහක අයෙක්.

මිය ගිය අය තනිවම එම නිවසේ ජීවත්ව සිට ඇති අතර ගඩොල් කැපීම හා දෛනික කුලී කටයුතු සිදුකරමින් ජීවත්ව සිටි අයෙකු බව සඳහන්.

මින් දින කිහිපයකට ඉහතදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සොයා අනාවරණය කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් සොකෝ ඒකකය හා ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව අද පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එම සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?