නිවෙසක් තුළ අභිරහස් මරණයක් ( ඡායාරූප )

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී නරක්වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසියෙකු විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පොලිසිය සිරුර සොයා ගන්නා ලද අවස්ථාව වනවිට එම සිරුර අදාළ නිවසේ සාලයේ බාල්කයක එල්ලෙමින් තිබූ බව පොලිසිය වාර්තා කරනවා.

මින් දින කිහිපයකට ඉහතදී එම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය පවසන අතර මළ සිරු සොයා ගන්නා විටත් එම සිරුර බෙහෙවින් නරක්වී දුගද හමන තත්ත්වයක පැවතුන බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අවිවාහක අයෙක්.

මිය ගිය අය තනිවම එම නිවසේ ජීවත්ව සිට ඇති අතර ගඩොල් කැපීම හා දෛනික කුලී කටයුතු සිදුකරමින් ජීවත්ව සිටි අයෙකු බව සඳහන්.

මින් දින කිහිපයකට ඉහතදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සොයා අනාවරණය කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් සොකෝ ඒකකය හා ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව අද පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එම සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14