AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර අලෙවිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට දඩ

පසුගිය උත්සව සමයේ දී බිත්තර සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න සදහන් ‍කළේය.

බදුල්ල, වැළිමඩ සහ බණ්ඩාරවෙල අධිකරණයන් වෙත ඉදිරිපත්කල ව්‍යාපාරිකයින් පස් දෙනෙකුටයි මෙසේ දඩ නියමවී ඇත්තේ.

මෙම ව්‍යාපාරිකයින් පස් දෙනාට අමතරව නඩු පවරා ඇති තවත් ව්‍යාපාරිකයින් තිස් පස් (35) දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි යාපාරත්න වැඩිදුරටත් සඳහන් කලේ.

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම, බිත්තර සඟවා තැබීම, සන්තකයේ තබාගෙන නැතැයි පැවසීම ආදී වැරදි ඔස්සේ මෙම ව්‍යාපාරිකයින් හතලිස් (40) දෙනා බදුල්ල දිස්ත්‍රික්කය තුලදී සිදුකල වැටලීම් වලදී නීතියේ රැහැනට කොටුකරගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?