පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙසට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබෙනවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසිනුයි මේබව සඳහන් කළේ.

එම පක්ෂයේ මහා සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

පක්ෂ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත් කර ගැනීම සිදු වූ බව සඳහන්.

මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ එම පක්ෂයෙන් ස්වාධීන වී කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් දරන ලද සභාපති ධුරය සඳහා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

අද පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණ ද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වූයේ.

ඒ අනුව අද මහ සභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පැවති අතර එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණා.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරනවා.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බව ද වාර්තා වනවා.

https://www.youtube.com/watch?v=WlmdfRrm4ME


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21