spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙසට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබෙනවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසිනුයි මේබව සඳහන් කළේ.

එම පක්ෂයේ මහා සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

පක්ෂ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත් කර ගැනීම සිදු වූ බව සඳහන්.

මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ එම පක්ෂයෙන් ස්වාධීන වී කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් දරන ලද සභාපති ධුරය සඳහා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

අද පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණ ද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වූයේ.

ඒ අනුව අද මහ සභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පැවති අතර එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණා.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරනවා.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බව ද වාර්තා වනවා.

https://www.youtube.com/watch?v=WlmdfRrm4ME
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?