AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරින් තරුණයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ඊයේ (05) යාපනය,තාවඩි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය මරුදනාමඩම ප්‍රදේශයේ සිට කොක්කුවිල් දක්වා ගමන්ගත් යතුරුපැදියක් යාපනය සිට මරුදනාමඩම දෙසට ගමන්ගත් වෑන් රථයක ගැටී ඇති බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් යාපනය,ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 17 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

යතුරුපැදි තුනක් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී එක් යතුරුපැදියක් එලෙස වෑන් රථයේ ගැටුණු බැව් ප්‍රදේශවාසීන් සඳහන් කළා.

මියගිය තරුණයාගේ මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?