බදු ගෙවන්නන්ගේ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය සූදානම් – මුදල් රාජ්‍ය ඇමති

රට පත්ව ඇති මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීමේ අරමුණෙන් රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ශිලා ලේඛන නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ යෝජනා සහ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවයි.

බදු ගෙවන්නන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සංවිධානය කෙරෙන “දිරිය පවුර” දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව සමාරම්භ කරමින් අමාත්‍යවරයා අද (23) මේ බව ප්‍රකාශ කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ බදු ගෙවන්නන් වෙනුවෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය ඉදිරියේ දී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැවැත්වීමට නියමිත යි.

“දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් අතට ශ්‍රී ලංකාවත් එක් වුණා. ණය ගෙවා ගත නොහැකි බව ලෝකයට කියන්න වුණා. මේ සියල්ල ඒ විදියට සිදු වෙද්දි අපේ රටේ පවුල් ලක්ෂ 58න් ලක්ෂ 34ක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලනවා. පාසල්වල දරුවන් ලක්ෂ 42ක් ඉගෙන ගන්නවා. තවත් ලක්ෂ දෙකක් විතර දරුවන් පිරිසක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. වාර්ෂිකව ලක්ෂ 57ක විතර ජනතාවක් රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රටේ ජනගහනය කෝටි දෙකක් වුණාට කෝටි හයක විතර ජනතාව රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබනවා. මේ එකක්වත් අපට නවත්වන්න බෑ. අපි මොකක් ද කරන්නෙ. ණය ගන්න හැකියාවක් නෑ.

අපට තියෙන හොඳම විකල්පය බදු ආදාම වැඩි කර ගැනීම. ඒ සඳහා තමයි මේ නව බදු ප්‍රතිපත්ති හදන්නෙ. අපි මේ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරන්නෙ මේ නව ප්‍රතිපත්ති ගැන බදු ගෙවන ජනතාව විදියට ඔය දක්වන ප්‍රතිචාරයන්, විකල්ප යෝජනා අදහස්වලට සවන් දෙන්නයි. මේ කිසි දෙයක් සෙල්ලිපි නොවෙයි. බදු ගෙවන ජනතාවගේ ඉල්ලීම, සාධාරණ යෝජනා මත නම්‍යශීලී ‍වෙන්න රජය ඕනෑම මොහොතක සූදානම් ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48