2026 ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වේ රන් පදක්කම දිනාගන්නට ඉන්දීය කණ්ඩායම අද (03) සමත් වුණා.
ඒ, රන් පදක්කම වෙනුවෙන් පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 19කින් ජය ගනිමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 211ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 212ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 192ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ලකුණු 19කින් ජයගත් ඉන්දියාව 2026 ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට්ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, පාකිස්ථානය එහි රිදී පදක්කමට හිමිකම් කීමට සමත් වුණා.
ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම බංග්ලාදේශය පරාජය කරමින් ශ්රී ලංකාව ජයග්රහණය කළා.










