2024 දී රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කට ණය ලබාදීමේ ඉලක්කයක්

ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් එම ආයතනයේ කාර්ය භාර්ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා තිබුණා.

ඒ, අදාළ අධීක්ෂණ කාරක සභාව පසුගිය 29 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී 2024 වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම ඉලක්ක වලට ළඟාවීමට ඔවුන්ගේ ආයතන පනත වහාම සංශෝධනය කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කරන ලෙසත් කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ තවදුරටත් උපදෙස් ලබාදෙනු ලැබුවා.

ලෝහෝර් ආර්යා ණය අරමුදල මඟින් රාජ්‍ය සේවකයින් උදෙසා පමණක් ණය ලබාදෙන ආයතනයක් ලෙස කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30