spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 දී රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කට ණය ලබාදීමේ ඉලක්කයක්

ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් එම ආයතනයේ කාර්ය භාර්ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා තිබුණා.

ඒ, අදාළ අධීක්ෂණ කාරක සභාව පසුගිය 29 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී 2024 වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම ඉලක්ක වලට ළඟාවීමට ඔවුන්ගේ ආයතන පනත වහාම සංශෝධනය කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කරන ලෙසත් කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ තවදුරටත් උපදෙස් ලබාදෙනු ලැබුවා.

ලෝහෝර් ආර්යා ණය අරමුදල මඟින් රාජ්‍ය සේවකයින් උදෙසා පමණක් ණය ලබාදෙන ආයතනයක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
9
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?