AFC Banner
AFC Banner
Empty Ad

200 වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය චරිත්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හැකියාව ලැබුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 6.30ට යෙදී තිබුනත් වර්ෂාව හේතුවෙන් එය පැය භාගයක් පමණ ප්‍රමාද වුණා.

තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 200 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ද වනවා.

මේ අතර ඊයේ පැවති පළමු තරග සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම අද තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇති අතර ලොකී ෆ්රගසන් අද තරගය සදහා කණ්ඩායමට එක්කර තිබෙනවා.

ඒ, අනුව තරගය පස්වරු 7.20ට ආරම්භ වීමට නියමිත බවයි දඹුල්ලෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?