ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ දී උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක්

2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

මේ පිළිබඳව කරුණු සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ සභාපතිත්වයෙන් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභාව ආරම්භ කරමින් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් පිරිසකට මුහුණදීමට සිදුවී ඇති ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීමකට අනුව කාරක සභාව රැස්වූ බවයි.

මේ අනුව පැමිණි උපාධිධාරීන් පෙන්වා දුන්නේ තම කණ්ඩායම වසර 10කට වැඩි කාලයක සිට රාජ්‍ය සේවයේ නියුතු වුව ද මෙම සීමිත තරඟ විභාගයට සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ 2023.02.10 දිනට පෙර උපාධිය සම්පූර්ණ කළ උපාධීධාරීන්ට පමණක් බැවින් 150ක පමණ පිරිසකට සීමිත තරඟ විභාගය සඳහා සහභාගීවීමට නොහැකි වී ඇති බවයි.

මෙම කණ්ඩායම විවෘත තරඟ විභාගය සඳහා පවතින වයස් සීමාව ද ඉක්මවා ඇති බැවින්, මේ වන විට රාජ්‍ය සේවයේ සිටින තනතුරෙන්ම විශ්‍රාම ගැනීමට සිදුව ඇති බවද එම පිරිස විසින් කාරක සභා‍වට පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම කොරෝන‍ා ව්‍යසන තත්ත්වය පැවති කාලසීමාව ආශ්‍රිතව ඇතිවූ ප්‍රමාදයන්ද තම උපාධි සහතික ලැබීමේ ප්‍රමාදයට හේතු වූ බැවින් මේ පිළිබඳ සලකා බලා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටද මෙම විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර සලසා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සභාපතිගේ අවසරය ඇතිව කාරක සභාවට සහභාගී වූ අතර, පැමිණ සිටි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ 2023.02.10 දිනය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බලන ලෙසයි.

මෙහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ නීති උපදෙස් අනුව ගැසට් නිවේදනයේ පළ කර ඇති ක්‍රමවේදය අනුව තමන්ට කටයුතු කිරීමට සිදුවන බවයි.

මේ සම්න්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී මෙම උපාධිධාරීන් බඳවා නොගතහොත් නැවත බඳවාගැනීමකදී ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් අයදුම් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් නෙ‍ාවන අයුරින් උපාධිය වලංගු දිනය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බලන ලෙස කාරක සභා‍ව අධ්‍යාපන අමාත්‍යවරියගෙනුත් ඉල්ලීමක් කරන බවයි.

මීට අමතරව 2026.02.17 දින ද අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අතර, එහිදී සබරගමුව විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල, සහ වයඹ විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරනු ලැබුවා.

  1. අධ්‍යාපන අමාත්‍යාංශයේම ඌන සේවා උපාධිධාරීන් පිරිසකට තමා මේ අසාධාරණය සිදුවී තිබෙන්නේ .
    2023.02.10 ට පසු උපාධිය ලබා ගත් මේ රාජ්‍ය සේවා නිලධාරීන්ට ගුරු විභාගයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක් ලබා දෙන්න .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16