අමිහිරි පරාජයක අත්දැකීමෙන් පසු සංගාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ සටහනක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය නවසීලන්තය ඉදිරියේ පරාජයට ලක් වුණා.

මෙම පරාජයත් සමඟ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව ගිලිහි ගියා.

ඊයේ (25) රාත්‍රියේ පැවති මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්ක තිබෙනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කරන සංගක්කාර එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, රසිකයින් කලකිරීමෙන් සහ කෝපයෙන් සිටින බවත් ක්‍රීඩකයින් ද වේදනාවෙන් පසුවන බවයි.

එමෙන්ම නිවැරදි මාවතට පිවිසීමට සෑම මට්ටමකින්ම කළ යුතු විශාල වැඩ පිරිසක් ඇති බවයි සංගක්කාර එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ක්‍රිකට් ලෝකය මෙතරම් ඉක්මනින් පරිණාමය වී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට අනුවර්තනය වී නොමැති බවත් අපට එකම දේ නැවත නැවතත් කළ නොහැකි අතරම වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු එහි දකවා තිබෙනවා.

“හැමතැනම ගොඩක් රිදිලා. රසිකයෝ කඩාවැටිලා, කලකිරිලා, කෝපයෙන් ඉන්නවා. ක්‍රීඩකයෝත් හොඳටම රිදිලා. මමත් ඒ වගේ ඩ්‍රසිං රූම්වල ඉඳලා තියෙනවා. ඒක ලේසි නෑ. නමුත් මේ වගකීම තණතීරුවත් එක්ක එනවා. ඔබේ රට සහ ඔබේ ජනතාව නියෝජනය කිරීම බරක් සහ විශාල වරප්‍රසාදයක්. නිවැරදි මාවතට පිවිසීමට සෑම මට්ටමකින්ම කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. අප වටා ඇති ක්‍රිකට් ලෝකය මෙතරම් ඉක්මනින් පරිණාමය වී ඇති විට, අපට එකම දේ නැවත නැවතත් කළ නොහැකි අතර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැක. අපි අනුවර්තනය වී නෑ. අනතුර අදාළ නොවෙයි.”

  1. Leave alone the anger and disappointment of cricket loving fans.But players pain of mind should not be taken for granted.Cricket Board, together with the Head coach and perhaps other stakeholders must find some kind of pain relieving method to stand them in good stead.

  2. The board of control for cricket should be rescued from the punters who are controlling it. Sanga, Mahela, Vas, Murali, Aravinda, Arjuna, and all stake holders in cricket should come forward and do the needful at SLBCC without further delay.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13