200 වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය චරිත්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හැකියාව ලැබුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 6.30ට යෙදී තිබුනත් වර්ෂාව හේතුවෙන් එය පැය භාගයක් පමණ ප්‍රමාද වුණා.

තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 200 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ද වනවා.

මේ අතර ඊයේ පැවති පළමු තරග සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම අද තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇති අතර ලොකී ෆ්රගසන් අද තරගය සදහා කණ්ඩායමට එක්කර තිබෙනවා.

ඒ, අනුව තරගය පස්වරු 7.20ට ආරම්භ වීමට නියමිත බවයි දඹුල්ලෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55