ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව – ගැලුම් සහ බෝතල්වලට ඉන්ධන නෑ

ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව සපය ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියලු පොලිස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ආරක්ෂාව සලසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිසිය ඊයේ (01) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇතැම් පාර්ශ්වයන් විසින් සංවිධානාත්මකව ගැලුම් මගින් ඉන්ධන රැස් කිරීම සිදුකරන බවත් එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවයි.

ඒ, අනුව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර ගබඩාකර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරතවන සහ ඉන්ධන සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළකරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව සොයාබලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

  1. ගම්පොල තරුණයෙක්, එයින් වලින් පෙට්‍රොල් හැදුවා. ඒ අයට අවස්ථාව දෙන්න, ඒ නිෂ්පාදන කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44