පාකිස්ථානය ලෝක කුසලානයෙන් එළියට දමන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් කුමන්ත්‍රණයක ?

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරගයට පිවිසීම වැළක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් දැනුවත්ව කුමන්ත්‍රණයක් දියත්කර ඇති බවට පාකිස්ථාන මාධ්‍ය හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් චෝදනා කරන බව හිටපු අමාත්‍යවරයෙක්වන චන්න ජයසුමන පවසනවා.

නවසීලන්තය සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය දෙස බැලීමේ දී ඕනෑම අයෙකුට පාකිස්ථාන මාධ්‍ය හා එරට හිටපු ක්‍රීඩකයින් එල්ල කරන චෝදනාව සාධාරණ බවට සැකසංකා ජනිත වන බවයි ඔහු පවසන්නේ.

සර්වජන බලය පක්ෂයේ අද (27) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හිටපු අමාත්‍ය චන්න ජයසුමන මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාකිස්ථාන හිටපු ක්‍රීඩකයින් එල්ලකරන මෙම චෝදනාවේ සත්‍යද අසත්‍ය බව සොයා බැලීම සඳහා කඩිනමින් පැහැදිලි විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

“පාකිස්ථානය නියෝජනය කරපු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරගය සම්බන්ධයෙන් අදහස් දැවීමක් කරලා තියනවා. ඔවුන් එකේදී කියන්නේ පාකිස්ථානය අවසන් පූර්ව තරගයට පිවිසීම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හෝ නිලධාරීන් දැනුවත්ව යම් කුමන්තරයක් සිදුවුණා කියන එක. බැලූ බැල්මට එම තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය බැලුවම ඕනෑම කෙනෙක්ට සැකසංකා ජනිත වෙනවා. කාසියේ වාසිය දිනගත්තාට පස්සේ පන්දුවට පහර දෙනවා වෙනුවට පන්දු රැකීමට තෝරාගත්තේ ඇයි කියන කරණය පිළිබඳව ලොකු විවේචනයක් ඇතිවෙලා තියනවා. නවසිසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 84කට කඩුලු 06ක් දැවීගිය අවස්ථාවේ දී එකදිගටම ෆුල්ටොස් පන්දු අසාමාන්‍ය විදියට ඔවුන්ට පිරිනමනු ලැබුවා. එත් එක්කම අපේ ක්‍රීඩකයින් අසාමාන්‍ය විදියට සුපුරුදු පහරවල්වලින් පරිභාහිරව දැවීයාම සඳහාම ඇතැම් පහරවල් එල්ල කළ බව බැලූ බැල්මට පෙනෙන්න තිබුණා. මේ පාකිස්ථාන ක්‍රීඩකයින් එල්ලකරන චෝදනාව සත්‍යද කියලා සොයා බලන්න කඩිනමින් පැහැදිලි විමර්ශනයක් කළ යුතුයි.”

  1. The match was sold by, Sr lanka cricket authorities and players. Cricket board and the team deserves punishment, removal of cricket board and the ban cricket for the team.

  2. අනේ සුමනයෝ දන්න දෙවල් කතාකරන්න අපිට මතකයි තෙල් නැවෙ සිද්දියේදි කිවිවා මෙ කාලයට කැස්බැවො මැරෙනවා කියලා ජි එල් පිරිස් එක්ක වියගහෙ බදින්න හොදයි

  3. ඔයිට වැඩිය හොදයි කාන්තා ක්‍රිකටි ටීම් එකක් සෙල්ලම් කරන විදිය..ගැම්මෙන් සෙල්ලම් කරනවා…දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකටි ඉතාම දුර්වල තැනක තියෙන්නෙ…ස්කූල් ටීම් එකකුත් ඔයිට වැඩිය හොදට සෙල්ලම් කරයි….

  4. මෙච්චර කාලයක් දේශපාලනය කරලා ක්‍රිකට් හදන්නෙ නැතුව දැන් මොනවද බං මේ කියන බයිලා. නයි දිලිත් එක්ක එකතු වෙලා කොච්චර කෑගැහුවත් කරන්න ඕන දේවල් දැන් කෙරෙයි. උඹ පාඩුවේ දෙරණ නිව්ස් බලාගෙන හිටපන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53