Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බිරිඳගේ බෙල්ල කපා සැමියා පැන ගිහින්

සැමියා විසින් ගෙළ කපා සිය බිරිඳව ඝාතනය කළ පුවතක් මාරවිල, කටුනේරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ බව කියන සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

පවුල් ආරවුලක් මත සැමියා විසින් නිවසේ නිදන කාමරයේ දී තම බිරිඳගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි නැමැති වයස අවුරුදු 44ක කාන්තාවක්.

මේ වනවිට පළාගොස් සිටින සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධය සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

  1. කොහොමද ටක්කෙටම කියන්නේ සැමියා කරා කියළා? මොකෝ බිරිදටම බැරිද ඕක කරගන්න? අනික පලා ගියා කියන්නේ මොකටද? පැනලා ගියා කීවනං ඉවරනේ. අනේ මන්දා