මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදාගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කර ගෙන සුද්ධෝදන රජුගේ ආරාධනයට අනුව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි.

ශාක්‍යවංශකයින්ගේ මානය බිඳ හෙළීම, යශෝධරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත් සිදු වූයේ අද වැනි මැදින් පොහෝ දිනක බවයි බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.

රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගතවීමත් සිදුවුයේ අද වැනි මැදින් පුරපසළොස්වක දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මවුපිය අවසරයෙන් තොරව ළමුන් සසුන්ගත නොකිරීමේ නීතිය පැනවෙන්නේ ද මැදින් පෝය මුල් කරගෙනයි.

‍කාන්තාවන් පළමු වරට බුදු සසුනේ පැවිදි වීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීමද මෙදින සිදුවූ වැදගත් සිදුවීමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40