ලෝක කුසලානයෙන් එළියට විසි වූ සිම්බාබ්වේ කණ්ඩායමට මව්රටට යන්න බැරිව ගැටළුවක

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්ව සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ ලික කුසලාන ගමන් මඟ ඊයේ (01) අවසන් වුණා.

සුපිරි අටදෙනාගේ තරග වටයේ අවසන් තරගයට ඊයේ සහභාගී වූ සිම්බාබ්වේ කණ්ඩායම එම තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා.

ඒ, අනුව තරගාවලියෙන් ඉවතට විසි වූ ඔවුන් සූදානම් වුණේ යළි සිට මව්රට බලා පිටත්ව යාමටයි.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ගුවන් කලාප වසාදමා තිබීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ ගුවන්ගමන ප්‍රමාද වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිම්බාබ්වේ ක්‍රීඩකයින් අද (01) අලුයම ආපසු මව්බිමට යෑමට නියමිතව සිටි අතර, ඔවුන්ට එමිරේට්ස් ගුවන් යානයක් වෙන්කරවා ගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

සිම්බාබ්වේ කණ්ඩායම ඩුබායි හරහා හරාරේ නුවර වෙත ආපසු යාමට නියමිතව තිබූ නමුත් එය දැන් අනපේක්ෂිත ලෙස කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ අනෙකුත් පාර්ශ්ව සිම්බාබ්වේට යළි සිය මව් රටට යාහැකි විකල්ප අවස්ථාවන් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20