හෙරොයින් සමග කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලද තොරතුරකට සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ උපදෙස් අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එච්.ඒ. මධුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.28 වන දින පැය 1400 ට පිළියන්දල පොලිස් වසමේ පලිගෙදර පාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 302 ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදල් යැයි සැක සහිත රු. 138,000.00 ක මුදලක් මේ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු, ඒ සදහා ආධාර අනුබල ලබා දුන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක කාන්තාවක හා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් හෙරොයින් හා සැකකරුවන් පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?