මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල හා භූමිය යළි දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පැවැත් වුණා.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු සාකච්ඡා වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසර පරිහරණය පිළිබඳව ද මෙහිදී අවදානය යොමු වුණා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මෙහිදී විමසා සිටියේ, නාවලපිටිය – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් පවත්වාගෙන යන මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල, උත්සව භාණ්ඩ සැපයීමේ මධ්‍යස්ථානය හා ඒ ආශ්‍රිතව ගේට්ටු යොදා වසාදමා ඇති හිස් භූමිය යන කොටස් 03 පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ, කොටස් දෙකකට බදුකරයක් ලබා දී ඇති බවත්, ඉතුරු කොටසට තාවකාලික අවසරයක් ලබා දී ඇති බවයි.

මෙම පරිශ්‍රය ප්‍රථමයෙන් නේවාසික ගිවිසුමක් මත ලබාදුන්නත් පසුව එය පුණ්‍ය කටයුතු සහ වාණිජ කටයුතු ලෙස ගිවිසුම වෙනස් කර ඇති බවත් තක්සේරු කළ මුදලෙන් කොටසක් ගෙවා ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

එහිදී බදුකරයේ ගිවිසුමට අදාළ නොවන භාවිතය යෙදෙන හිස් භූමිය අවකාශයේ සඳහා ගේට්ටු යොදා ආවරණය කර ඇති කොටසේ එම ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා.

“අපි අහිංසක මිනිස්සුන්ගේ ගෙවලුත් අයින් කරා නුවර  ඉන්න හිටින්න තැනක් නැති අයගේත්  අනවසර ඉදිකිරීම් කියලා, එහෙම තියෙද්දි මේ එක එකාට ටවුන් එක මැද වටිනා ඉඩම් දෙන්න බෑ. බිස්නස් මොඩ්ල් එකක් හදලා අපි ඕක විකුණමු. මහින්දානන්දටම ඕන නම් සල්ලි දීලාගන්න කියමු. අපිට ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි රජයට අයිති වෙන්න තියෙනවා මුදලක්. ඒ හින්දා ගේට්ටුව වහගෙන අනීතිකව රැස්වීම් තියන්න ඉඩ දෙන්න අපිට බෑ. ඒ හින්දා වහල තියෙන දුම්රිය භූමියේ ගේට්ටු තාප්ප ඉවත් කරලා දාන්න එතකොට භූමිය ඕපන්. හිඟන්නෝ ඇවිල්ලා හිටියත් කමක් නෑ ඒ හිඟන්නොනේ හිඟන්නෝ වගේ හැසිරෙන්න ඕන නෑ සල්ලි තියෙන මිනිස්සු, ඒක කරන්න පුළුවන්ද මං මේ ඔබතුමියට බනිනවා නෙමෙයි මේ කාරණා පිළිබඳ අවධානයොමු කරන්න. වැරදියට තේරුම් ගන්න එපා මාසයක් ඇතුළත අපි ඒක අයින් කරමු. අයින් කරන දවසක කියන්න පොලිසිය මැදිහත් වෙන්න නාගරික දේශපාලන අධිකාරිය මැදිහත් වෙන්න.ඊට පස්සේ අපි ඒක වෙන්දේසි කරනවනම් කරමු මම මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නීති අංශයේ නිලධාරියාට කතාකරලා විස්තර දැනගෙන තමා බලන්නන ආවේ. ඒ හින්දා එහෙම ගිවිසුම් අයින් කරන්න පුළුවන්. අපි අනවසර ඒවාට අත දානවා අනම් බනං කියනවා පොර ටෝක්නේ අපි දෙන්නේ. මේ ඇස් පනා පිට අපිට එකක් තියෙනවා ඒක අපිට අයින් කරගන්න බෑ .වැඩක් නෑනේ .අවුරුද්දක් වෙනවා මොනවා හරි කරන්න එපැයි මේකට කවුරුහරි හිතනවනම් අවුරුදු පහ ගෙවිලා ඇවිල්ලා ඕකෙ ඉන්න පුළුවන් කියලා සොරි තමයි ඈ .. ඒවා වෙන්නෙ නෑ ඒක නිසා ඕක ඔතනින් අයින් කරමු අපි ඒක නිත්‍යානුකූලව කරමු.”

  1. මල්ලි හරි මල්ලි…. ඔන්න ඔහොම රැඩිකල් වෙනසකට තමයි රටේ මිනිස්සු අසීමිත බලයක් දුන්නේ.. යුද්දෙට නැති කඩු මොන මගුලකටද? මේ පලිගන්නවා නොවේ… සමාජ සාධාරනය… අර පාදඩ ජයරත්න කැළණි හිගන්නෝ ගම්පොල නින්දාගමක් හදාගෙන… මේවා වහාම වෙනස් වෙන්න ඕනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36