බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ ධෛර්යයි – ජනපති

ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

2026 නව වසර වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර තිබෙනවා.

මෙරට පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තියෙන් පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරන්න බවයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය පහතින්..

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.
අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය. 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ළඟා කර ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ වේ.
ලාංකීය පොදු මහ ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන සහ සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස සනිටුහන් වනු ඇත.
මෙරට මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයක අභියෝගයටද අපි පසුගිය වසරේදී එක්ව මුහුණ දුන්නෙමු. එහිදී අප ජනතාව තුළ ඇති සහකම්පනීය මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකට උදුරා ගත නොහැකි මහඟු ගුණාංගයක් බව මනාව සනාථ කරමින් රට පුරා ජනතාව විපතට පත් සිය සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගත්හ. මෙම අභියෝගයට මුහුණ දීමේදී සහාය දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ යළි නැඟී සිටීමට මිතුරුකමේ සවිය සැපයූ ලොව සියලු මිත්‍ර රාජ්‍ය වෙතද, ආපදා තත්වය හමුවේ ස්වකීය දිවි නොතකා කටයුතු කළ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව මෙන්ම, මෙරට රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.
අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත. ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයි. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් අප සැම එක්ව පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන්නෙමු.
නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම, නව වසර ගැන සුබවාදී ආකල්පවලින් යුතුව යළි සැලසුම් කරන්නට අවස්ථාවක් උදා කරයි. අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා’යි ශුභාශිංසනය කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 01 දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14